News

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

ජුලී චන්ග් ආපසු යයි

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර ජනාධිපති වීමෙන් පසු පළමු කාර්යය ලෙස රනිල් වික්‍රමසිංහගේ වත්කම් ප්‍රකාශය ගැන පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජාජබ පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අභිප්‍රාය ප්‍රකාශ කර තිබේ.

ජනපතිවරණ ඡන්ද පත්‍රිකාව අද මුද්‍රණයට

සජබෙ වේලු කුමාර් රනිල්ට
අත දෙන්න ගිය රනිල්ට සජිත් ආයුබෝවන් කියයි
අද දින මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණි ඉදිරි ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ උත්සවය අතරතුර ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අසුන්ගෙන සිටි අවස්ථාවේ ඔහුට සුබපතා අතට අත දෙන්නට ගිය අතර එම අවස්ථාවේ ප්‍රතිචාර ලෙස සජිත් අතට අත දෙනු වෙනුවට ආයුබෝවන් කීවේය. දෙන්න ගිය අත රනිල් අහකට ගෙන එතැනින් නික්මිණි.

ලක්ෂ 300ක අල්ලසක් ගත්තැයි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් අත්අඩංගුවට

රිෂාඩ් සජිත්ට සහය පළ කරද්දී, අතාවුල්ලා රනිල්ට සහය වෙයි

රජයේ සේවකයන්ට ලබන වසරේ වාසියක්

නාමල් අනුරපුරෙන් සටන අරඹයි...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය.පොහොට්ටු පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසීය. මේ වන විට එම නායකයින්ද නැවත පොහොට්ටු පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය.

STF පොලිස් 1000ක් සීරිවෙන්: රාජගිරියේ ආරක්ෂාව තර කරයි
එලැබෙන ජනපතිවරණය සඳහා නාම යෝජනා භාරදීම හෙට (15දා) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරෙන අතර එහිදී සාමය ආරක්ෂා කිරීම් ඇතුළු ආරක්ෂක රාජකාරි සඳහා පමණක් පොලිස් නිලධාරීන් 1000කට අධික ප්‍රමාණයක් යොදවා ඇත. මේ පිරිස අතරට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා කියයි.

14 දා චම්පික සජිත් ට එකතුවේ

'ගෝඨාගේ පළිගැනීමේ කොමිසමේ' නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි

මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහායත් සජිත්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඡන්ද ලකුණු ගැසට්ටුව නිකුත් වෙයි
ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. ඒ අනුව මෙවර මැතිවරණ සළකුණු 84 ක් ප්‍රකාශයට පත් කර තිබේ.තවද පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සදහා වෙන්කර දී නොමැති සලකුණු 115ක්ද ඇතුලත්ව ඇත.එම නිවේදනය පහතින්

පොහොට්ටු රනිල් පිලෙන් නව පක්ෂයක්
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය. හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව පැවසීය.

හරින්ගෙන් හිස් වූ සජබ මන්ත්‍රී පුටුවට කෙනෙක් ජනාධිපතිවරණයෙන් පසු...
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී ඇති සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු අයකු පත්කිරීමජනාධිපතිවරණයෙන් පසුව සිදුකිරීමට තීරණය වී ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය හා එම සන්ධානය නියෝජනය කරන කිහිපදෙනෙකු අතර තියුණු තරඟයක් මතුව ඇති හෙයින් එවැනි තීරණයක් ගෙන ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (අගෝස්තු 9 වැනිදා) තීන්දු කළේය.

විජයමුණි සොයිසාගේ සහයත් රනිල්ට

පාඨලීගේ වරප්‍රසාද කඩවුණැ'යි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දාන්න සූදානම්
2024.04.07 වන ඉරිදා මව්බිම පුවත්පතේ පල කරන ලද සාවද්‍ය කරුණු ඇතුලත් 'ජහමනයා අන්දන ක්‍රම සහ විධි' යන ශීර්ෂයෙන් යුත් ලිපියක් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වූ බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2024.04.18 දින කතානායකවරයා වෙත පැමිණිල්ලක් සිදුකරන ලදී.

පැය 24ට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 20ක්
මෙවර ජනාධිපතිවරණයට අදාළව ගතවූ පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 20ක් වාර්තා වී තිබෙනවා. එසේම මේ දක්වා සමස්ථ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් 157ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

සජබ සභාපතිකමට ෆොන්සේකා පයින් ගහයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති හා කැලණිය සංවිධායක ධූරයන්වලින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂය වෙත යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

මනූෂ-හරීන් සජබයෙන් ඉවත්කිරීම නීත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය

සජිත් දිනවන්න පක්ෂ - කණ්ඩායම් 10ක් හිටගනී
ඉදිරි ජනාධිපතිවරනයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහයෝගය පළකිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොලඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (8) එළි දැක්විණ.

පවිත්‍රාත් රනිල්ගෙ පැත්තට පනී...

ජනාධිපතිවරණයට තරග කරන බැවින් විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
ජනාධිපතිවරණයට තරග කරන බැවින් තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.