Skip to content
V
ජුලී චන්ග් ආපසු යයි
Politics

ජුලී චන්ග් ආපසු යයි

By News Room · 7 January 2026

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සිය සිව් වසරක සේවා කාලය අවසන් කරමින් එළැඹෙන 16 වැනිදා මෙරටින් පිටත්ව යාමට නියමිත බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. 2022 වසරේදී රාජකාරී ආරම්භ කළ ඇයගේ ධුර කාලය ශ්‍රී ලංකා - ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය, ෆුල්බ්‍රයිට් වැඩසටහනේ 80 වන සංවත්සරය සහ පීස් කෝප් ස්වේච්ඡා සේවකයන් යළි මෙරටට පැමිණීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන රැසකින් සමන්විත විය. එමෙන්ම මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට කටයුතු කිරීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වැනි ක්‍රියාවලීන්හිදී ඇයගේ නායකත්වය යටතේ තානාපති කාර්යාලය සක්‍රීය දායකත්වයක් ලබා දුන් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024
NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා

NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා

22 August 2024