Skip to content
V
NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා
Politics

NPP සහ සජබ ඩිජිටල් ප්‍රතිපත්තිය කොපියක්: රජයෙන් චෝදනා

By News Room · 22 August 2024

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අභිප්‍රාය ප්‍රකාශ කර තිබේ.

බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) පැවති තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ නව ඩිජිටල් මැතිවරණ ක්‍රමය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළ හැකි බවයි.

තවද මෙම උත්සවය අමතමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ දියුණුව අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයට අවශ්‍ය බවයි.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩිදුරටත් පැවසුවේ රජයේ ඩිජිටල් ප්‍රතිපත්තිය ජාතික ජන බලය (NPP) විසින් දැනටමත් අනුකරනය කර ඇති බවයි.

සමගි ජන බලවේගයේ (SJB) ඩිජිටල් ප්‍රතිපත්තිය ඉන්දියාවේ “Stack” හි සෘජු ප්‍රතිනිෂ්පාදනයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“අනෙක් පක්ෂ ජනාධිපතිවරයාගේ දැක්මේ අඩිපාරේ යාමට උත්සාහ කිරීම රටට හොඳ සලකුණක් වන බවත් නුදුරේදීම අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට ඔවුන් සම්පූර්ණ පනත කියවා ඊට සහයෝගය ලබා දෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024