Skip to content
V
'ගෝඨාගේ පළිගැනීමේ කොමිසමේ' නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි
Politics

'ගෝඨාගේ පළිගැනීමේ කොමිසමේ' නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි

By News Room · 11 August 2024

'යහපාලන සමයේ' දී සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසමේ නිර්දේශ හා නිරීක්ෂණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබේ.

විජිත් මලල් ගොඩ, අචල වංගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම තීරණය අගෝස්තු 09 දින ලබා දුන්නේය. ඒ,එම කොමිසමේ නිර්දේශ හා නිරීක්ෂණ මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 9ක් පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කරමින්ය. ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත්තේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් එම කොමිසම උල්ලංඝනය කර ඇති බැවින් පෙත්සම්කරුවෙකුට රුපියල් එක් ලක්ෂ පනස්දාහක බැගින් වන්දි ගෙවන ලෙසයි.හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, වයිස් අද්මිරාල් තුසිත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න,ජනාධිපති නීතිඥ ජේසී වැලි අමුණ, අනුර කුමාර දිසානායක, සන්ධ්‍යා එක්නැලිගොඩ හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක එම පෙත්සම්කරුවෝ වෙති.මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා නීතිපතිවරයා නම් කර සිටියහ.පෙත්සම්කරුවන්ට එරෙහිව අදාළ කොමිසම විසින් කටයුතු කළ ආකාරය නීතිය විරෝධී සහ ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි බවට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024