Politics
සජබ සභාපතිකමට ෆොන්සේකා පයින් ගහයි
පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති හා කැලණිය සංවිධායක ධූරයන්වලින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂය වෙත යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වී සිටින අතර ඔහු අගෝස්තු 5 වන දා ඇප මුදල් ද තැන්පත් කළේ ය.





