Skip to content
V
STF පොලිස් 1000ක් සීරිවෙන්: රාජගිරියේ ආරක්ෂාව තර කරයි
Politics

STF පොලිස් 1000ක් සීරිවෙන්: රාජගිරියේ ආරක්ෂාව තර කරයි

By News Room · 12 August 2024

එලැබෙන ජනපතිවරණය සඳහා නාම යෝජනා භාරදීම හෙට (15දා) මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරෙන අතර එහිදී සාමය ආරක්ෂා කිරීම් ඇතුළු ආරක්ෂක රාජකාරි සඳහා පමණක් පොලිස් නිලධාරීන් 1000කට අධික ප්‍රමාණයක් යොදවා ඇත. මේ පිරිස අතරට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා කියයි.

ආරක්ෂක රාජකාරියට යොදවන නිලධාරීන්ට අමරතව විශේෂ රථවාහන සැලැස්ම සඳහා පොලිස් නිලධාරීර්න් 300 දෙනකු යෙදවීමටද නියමිතය.

මේ අතර මැතිවරණ ලේකම් කාර්යාලයටද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර එම ප්‍රදේශයම ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරි සහ පොලිස් ජංගම සංචාරක ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

එමෙන්ම ආරක්ෂක රාජකාරිය කලාප වශයෙන් වෙන්කර ඇති බවත් එක් එක් අපේක්ෂකයන් සමඟ එන ඔවුන්ගේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන්ට රැඳී සිටීමට වෙන් වෙන් වශයෙන් කලාප වෙන්කර ඇති බවත්

හෙතෙම පවසයි. එක් එක් අපේක්ෂකයන්ට වෙන්කර ඇති කලාප සම්බන්ධයෙන් ඔවුන්ගේ නියෝජිතයන් දැනුවත් කර ඇති බවත් කියයි.

නාමයෝජනා භාරදීමට අපේක්ෂකයන්, පාක්ෂිකයන් සහ ආධාරකරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙදින ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම හෙට (15දා) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරයි.

ජනාධිපති අපේක්ෂකයන් සමඟ පැමිණෙන සාක්කිකරුවන්ගේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් හා පාක්ෂිකයන් ස්ථානගත වීම සම්බන්ධයෙන්ද ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරීමටද කටයුතු කර තිබේ.

අපේක්ෂකයා ගමන් ගන්නා වාහනය මැතිවරණ කාර්යාලය දක්වා ගමන් කිරීමට හැකියාව ඇති අතර යම් අපේක්ෂකයකුට රථවාහන තදබදය නිසා ගමන් කිර්මට අපහසුතාවක් ඇතිවූයේ නම් නාගරික රථවාහන අධ්‍යක්‍ෂගේ 0718591741 යන අංකයට හෝ හදිසි ඇමතුම් අංශයේ දුරකථන අංකය වූ 0112433333 යන අංක අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024