Skip to content
V
වසර 27 කට පසුව ඉන්දියාව පරදා එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගත් ලංකාව
Sports

වසර 27 කට පසුව ඉන්දියාව පරදා එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගත් ලංකාව

By News Room · 7 August 2024

අද (7 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලංකාව ලකුණු 110 ක අති විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාසක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිමේදී සහභාගි වූ 300 වැනි එක්දින තරගය ද වෙයි. මෙම තරගය ජයගැනීමත් සමගම වසර 27 කට පසුව ඉන්දියාව හමුවේ පැවැති ද්විපාර්ශ්වික තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. 

හරියටම  වසර 27 කට පෙර, 1997 අගෝස්තු මාසයේදී ඉන්දියාව හා ලංකාව අතර පැවැති එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක ජයක් අත්කර ගත්තේය. එම තරගාවලියේදී ලකුණු 210 ක් සමග කඩුලු 5 ක් ද දවාගනිමින් තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය වත්මන්  ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වී සිටි.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024