Skip to content
V
කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය
Sports

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

By News Room · 28 August 2024

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර ඇත. එහි වෙනස්කම් දෙකක් සිදුකර ඇත.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ට සහ විශ්ව ප්‍රනාන්දු ට ඔවුන්ගේ ස්ථාන අහිමිවී තිබීමයි. ඔවුන් දෙදෙනා වෙනුවට පැතුම් නිස්සංක ව සහ ලහිරු කුමාර ව කණ්ඩායමට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම:

දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 8ක් ක්‍රීඩාකර ඇති අතර ඉන් කිසිදු තරගයක් ජය ගෙන නොමැත.

Related articles

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024
අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

20 August 2024