Skip to content
V
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්
Sports

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

By News Room · 23 August 2024

සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය වාර්තා කිරීමට අද (24)එංගලන්තය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු සියල්ල දැවී ලකුණු 236ක් රැස් කර ගැනීමට සමත් වූ අතර,එංගලන්තය පළමු ඉනිම සඳහා කඩුළු සියල්ල දැවී ලකුණු 358ක් රැස් කරගැනීමට සමත් වුණා. අනතුරුව දෙවෙනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය අභිභවා ගොස් සමස්ථ ලකුණු 326 රැස් කිරීමට සමත් වූ අතර, ඒ අනුව දෙවෙනි ඉනිම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 205ක්.

එහිදී එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 57යි පන්දු 02ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින් පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. එහිදී දෙවෙනි ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සිය තෙවැනි ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 113 වාර්තා කළ අතර, දිමුත් කරුණාරත්න ලකුණු 27ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65ක්ද,දිනේෂ් චන්දිමාල් ලකුණු 79ක්ද කණ්ඩායම වෙනුවෙන් ඉහළ ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.

එංගලන්ත දෙවෙනි ඉනිමට Ben Duckett ලකුණු 11ක්ද, Dan Lawrence ලකුණු 34ක්ද, Harry Brook ලකුණු 32ක්ද, Jamie Smith ලකුණු 39ක්ද, Joe Root නොදැවී ලකුණු 62ක්ද රැස් කිරීමට සමත් වුණා. එමෙන්ම, එංගලන්ත - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගාවලිය ලබන 28වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024
අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය

20 August 2024