Skip to content
V
ඇමෙරිකාව මෙවරත් ඔලිම්පික් පදක්කම් පෙරමුණේ
Sports

ඇමෙරිකාව මෙවරත් ඔලිම්පික් පදක්කම් පෙරමුණේ

By News Room · 12 August 2024

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ අවසන් දිනය එළඹෙන විටත් ඇමෙරිකාව හා චීනය අතර රන් පදක්කම් සඳහා තිබුනේ තියුණු සටනක්.

ඇමෙරිකාව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් 126ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්වූ චීනය ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිය ද, දෙරට අතර රන් පදක්කම් සඳහා වූ සටන මෙවර ඔලිම්පික් උළෙලේ අවසාන තරගය දක්වා ම දිගහැරුනේ අමෙරිකාව එක් පදක්කමකින් චීනය ට වඩා පිටුපසින් සිටියදී.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තෙවැනි ස්ථානයට පත්වූයේ ජපානය යි. ඔවුන් රන් පදක්කම් 20ක් රැස්කර ගත් අතර රන් 18ක් ලබා ගත් ඔස්ට්‍රේලියාව සිවුවැනි ස්ථානයටත්, රන් 16ක් ලබා ගත් ප්‍රංශය පස්වැනි ස්ථානයටත් පත්වුනා.2021 වසරේ පැවති පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අමෙරිකාව සමස්ත රන් පදක්කම් සටනේ චීනය පැරදවූයේ එක පදක්කමකින්. අමෙරිකාව රන් 39ක් දිනා ගත් අතර චීනය රන් 38ක් හිමිකර ගත්තා. කෙසේ වෙතත්, සමස්ත පදක්කම් සංඛ්‍යාවේදී ඔවුන් පසුගිය ඔලිම්පික් උළෙලේ එකතුව පහසුවෙන්ම අභිබවා ගියා. 

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මුළු පදක්කම් එකතුව අතින් අමෙරිකාව හා චීනය ට පසුව තෙවැනි ස්ථානයේ පසුවන්නේ රන්14ක්, රිදී 22ක් හා ලෝකඩ 29ක් සමග පදක්කම් 65ක් ලබා ගත් එංගලන්තය යි.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024