Skip to content
V
ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට
Sports

ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට

By News Room · 2 August 2024

කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීමට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකාය ඉදිරියේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ශුරතාවය අපරාජිතව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි 28) සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 20 කට පසුව ආසියානු කුසලානය පළමු වරට ජයග්‍රහණය කිරීමට සමත් වුයේ විස්සයි 20 තරගයකදී සිය හොඳම ලකුණු හඹා යෑම සනිටුහන් කරමින් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා 5 කදී ආසියානු කුසලානයේ අනු ශුරියන් බවට පත්ව තිබුණි.

සාර්ථක ආරම්භය අත්හැරුණු අවස්ථා

පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරීනියන් වන ෂෆාලි වර්මා සහ ස්ම්‍රිතී මන්දනා තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

ඔවුන් දෙදෙනා පළමු පන්දු වාර 6 තුළදී ලකුණු 44ක සාර්ථක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ඉන්දීය ඉනිමේ පස්වන පන්දු වාරය ක්‍රියාත්මක කළ කවීෂා දිල්හාරි හමුවේ ස්ම්‍රිතී මන්දනා ලබා දුන් උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් ගිලිහි ගියේය.

කෙසේ වුවත් 7 වන පන්දු වාරයේදී කවීෂා දිල්හාරි ලකුණු 16ක් රැස් කර ගෙන සිටි ෂෆාලි වර්මාගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුවාය.

ඉන්දීය ඉනිමේ 9 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ නායිකා චමරි අතපත්තු විසින් උමා චෙට්රී ලකුණු 9 කට දවා ගැනීමට සමත් වුවාය. ඒ වන විට ඉන්දීය පිලේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 58 කට කඩුලු දෙකක් ලෙසය.

උමා චෙට්රී ගේ දැවී යෑමෙන් පසුව පිටියට එක්වූ ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කාවුර් සහ ස්ම්‍රිතී මන්දනා එක්ව 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් එක් කරනු ලැබූහ.

12 වන පන්දු වාරයේදී සචිනි නිසංසලා විසින් ලකුණු 11ක් රැස් කරගෙන සිටි ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කාවුර් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024