Skip to content
V
ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට පත් බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාටම රන් පදක්කම්
Sports

ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට පත් බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාටම රන් පදක්කම්

By News Room · 11 August 2024

ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් කාන්තා වෙල්ටවේට් බොක්සිං තරගය ජයග්‍රහණය කර පැය 24කට පසුව තායිවානයේ ලින් යූ-ටිං කාන්තා ෆෙදවේට් බොක්සිං තරගය ජය ගත්තා.මේ අනුව, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ස්ත්‍රී-පුරුෂ භාවයේ මතභේදයට මැදි වෙමින් ක්‍රීඩා ලෝකයේ දැඩි අවධානයට ලක්වූ බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ම ඔලිම්පික් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

මේ ආන්දෝලනාත්මක බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා ම රන් පදක්කම් දිනා ගත්තේ ඔවුන්ගේ විවේචකයන් රිදවමින්. මේ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ශරීරවල පිරිමි ජාන තිබෙන බවට තීන්දු කරමින් ජාත්‍යන්තර බොක්සිං සංගමය පසුගිය වසරේ පැවති ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඔවුන් ඉවත් කළා. කෙසේ වෙතත්. එම සංගමයේ මූල්‍ය හා පාලන කටයුතු සම්බන්ධයෙන් උද්ගත වූ ගැටළු හේතුවෙන් ජාත්‍යන්තර බොක්සිං සංගමයට තිබූ පිළිගැනීම ජගත් ඔලිම්පික් කමිටුව විසින් අහෝසි කළා. ඉන්පසුව, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග මෙහෙයවූ ඔලිම්පික් කමිටුව මේ ක්‍රීඩිකාවන්ට තරග කිරීමට අවස්ථාව ලබා දුන්නා.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024