Skip to content
V
පැරිස් ඔලිම්පික් උළෙලේ කොවිඩ් වසංගතය හිස ඔසවන ලකුණු
Sports

පැරිස් ඔලිම්පික් උළෙලේ කොවිඩ් වසංගතය හිස ඔසවන ලකුණු

By News Room · 10 August 2024

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කොවිඩ් වසංගතය පැතිර යනු ඇතැයි බියක් හටගෙන තිබෙනවා.

ලෝකයේ ඉහළම පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් පමණ ඔලිම්පික් උළෙලේ තරග කිරීම පිණිස පැරිසියට පැමිණ සිටින අතර මින් අවම වශයන් 20 දෙනෙක් පසුගිය දෙසතිය තුළ කොවිඩ් රෝගයට ගොදුරු වී සිටිනවා.

ඔලිම්පික් තරග බිම් කොවිඩ් වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වූ අලුත් ම ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ මීටර් 100 ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත්ම මිනිසා බවට පත්ව සිටින අමෙරිකාවේ නෝව ලයිල්ස්.

කොවිඩ් රෝගී ලැයිස්තුවට බ්‍රිතාන්‍ය පිහිනුම් ක්‍රීඩක Adam Peaty සහ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Zac Stubblety-Cook හා Lani Pallister ඇතුළු ඔස්ට්‍රේලියානු ජලක්‍රීඩා කණ්ඩායමේ පස් දෙනෙකු ද ඇතුළත්ව සිටිනවා.

ඔලිම්පික් උළෙලේ ඉදිරි තරග අවුල් කිරීමේ හැකියාව SARS-Co V-2 වෛරසයට තවමත් තිබෙනවා.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024