Skip to content
V
ඊළඟ ඔලිම්පික් සත්කාරකත්වයට මෝදි ඇස ගසයි
Sports

ඊළඟ ඔලිම්පික් සත්කාරකත්වයට මෝදි ඇස ගසයි

By News Room · 14 August 2024

2036 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම ඉන්දියාවේ සිහිනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටියේය.

ඉන්දියාවේ 78වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලිහි රතු බල කොටුවේ අද (15) පැවැති උත්සවයේදී හෙතෙම එය හෙළිකළේය.

“2036 ඔලිම්පික් උළෙල පැවැත්වීම ඉන්දියාවේ සිහිනය, අපි ඒ සඳහා සූදානම් වෙමින් සිටිනවා" මෝදි පැවසීය.

හෙතෙම මෙහිදී වැඩිදුරටත් අනාවරණය කර සිටියේ, මහා පරිමාණ ගෝලීය ඉසව් සඳහා සත්කාරකත්වය ලබාදීමේ හැකියාව ඉන්දියාවට ඇති බවයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ, ඉන්දියාවට 2036 ඔලිම්පික් උළෙලේ සත්කාරක්තවය ලැබුණහොත් සත්කාරක නගරය ලෙසින් අහමදාබාද් නම් කරනු ඇති බවයි.

අහමදාබාද් යනු ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ දේශපාලනයේ බල කඳවුර ලෙසින් සැලකෙන ගුජරාට් ප්‍රාන්තයේ විශාලම නගරයයි.

ඉන්දියාව මීට පෙර ඉතිහාසයේ කිසිඳු දිනක ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය ලබාදී නොමැති අතර, ඔවුන් අවසන් වරට බහු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය ලබා දී ඇත්තේ 2010 වසරේ දිල්ලිහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටයි.

එමෙන්ම ඔවුන් වසර 42කින් (1982 වසරේදී) ආසියානු ක්‍රීඩා උළෙලකට හෝ සත්කාරකත්වය ලබා දී නොමැත.

කෙසේ නමුත් 2036 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා ඉන්දියාවට අමතරව සෞදි අරාබිය, කටාර් සහ තුර්කිය ඇතුළු තවත් රටවල් කිහිපයක්ද තරග කිරිමට නියමිතව ඇත.

ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) බොහෝ දුරට ලබන වසරේ පැවැත්වෙන මහා සභා රැස්වීමෙන් පසු සත්කාරකත්වය හිමිවන රට ප්‍රකාශයට පත්කරනු ඇත.

සිව් වසරකට වරක් පැවැත්වෙන ලොව අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය ලෙසින් හැඳින්වෙන් ඔලිම්පික් උළෙලට මෙවර ප්‍රංශය සත්කාරකත්වය ලබාදුන් අතර, එළබෙන 2028 වසරේදී එය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම 2032 ඔලිම්පික් උළෙලට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය සත්කාරක්වය දක්වනු ලබයි.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024