Skip to content
V
අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්
Sports

අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 03ක පරාජයක්

By News Room · 17 August 2024

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කඩුලු 03ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (16) සිදුවිය.අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 261ක ඉලක්කය කඩුලු 07ක් දැවී තිබිය දී තරගයේ 49.2වැනි පන්දුවාරයේදී පසුකර යෑමට අයර්ලන්තය සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළාය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 08ක් දැවී ලකුණු 260ක් රැස්කිරීමට සමත් විය. හසිනි පෙරේරා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 46කි.පන්දු යැවීමේදී අයර්ලන්ත කාන්තා පිල වෙනුවෙන් ඔරලා ප්‍රින්ඩගාස්ට් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූවාය. සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ  (16) තරඟයේදී සමත් වුවාය. අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස් කරමින් ඇය මෙම වාර්තාව තැබිය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාව ද මෙය වෙයි. දෙරට අතර පළමුව පැවැති තරග 02කින් යුත් විස්සයි20 තරගාවලියද තරග 1-1ක් ලෙසින් සමසමව අවසන් විය.එමෙන්ම මෙය අයර්ලන්ත හමුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ද වෙයි. මීට පෙර දෙරට අතර (2007-2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පවත්වා ඇති අතර එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන තිබුණි.

Related articles

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

කුසල්ට අහිමි වන එංගලන්තය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

28 August 2024
78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

78 වැනි බ්‍රැඩ්බි පළිහේ පළමු අදියර ත්‍රිත්වයන් ලකුණකින් දිනයි

24 August 2024
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුළු 5ක ජයක්

23 August 2024
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි

21 August 2024