Skip to content
V
VAT සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරේ
featured news - උණුසුම් පුවත්

VAT සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කරේ

By News Room · 4 May 2026

ලබන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මූල්‍ය සේවා සඳහා මෙතෙක් පැවති 18%ක වැට් බද්ද සහ 2.5% ක් වූ සමාජ ආරක්ෂණ බද්ද ඒකාබද්ධ කරමින්, මූල්‍ය සේවා මත බදු ප්‍රතිශතය 20.5% ක් දක්වා ඉහළ නැංවීමට මෙහිදී යෝජනා කර තිබෙනවා.

එසේම ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සපයනු ලබන සේවා, එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයන්ගෙන් 18% ක වැට් බද්දක් අය කිරීම ද එළඹෙන ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතයි.

ඩිජිටල් සේවා සඳහා බදු ලියාපදිංචිය සහ එම බදු ගෙවීම් සම්බන්ධ විධිවිධාන ද මෙම නව සංශෝධන මඟින් සලසා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026