Skip to content
V
VAT බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දැනුම්දීමක්
featured news - උණුසුම් පුවත්

VAT බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දැනුම්දීමක්

By News Room · 17 April 2025

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවය. ඒ සඳහා නැවුම් කිරි අවම වශයෙන් සියයට 50ක් අඩංගු විය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කරනු ලැබීය.

ඒ අනුව අදාළ පනත එදින සිට බලාත්මක බැවින් බදු සංශෝධනයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දියර කිරි සහ යෝගට්වලට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එකතු කළ අගය මත බදු සංශෝධන නව පනතට අනුව අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අමතරව වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්යය කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026