Skip to content
V
T56 ගිනිඅවියක් සමග කුලියාපිටියේ දී නාවික හමුදා සෙබළෙකු දැලේ
featured news - උණුසුම් පුවත්

T56 ගිනිඅවියක් සමග කුලියාපිටියේ දී නාවික හමුදා සෙබළෙකු දැලේ

By News Room · 16 February 2025

2021 වසරේ දී රජයේ අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙකු කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් අද (16) අලුයම සිදුකළ වැටලීමක දී සැකකාර නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මොහු 2021 වර්ෂයේ කොළඹ වරාය, රංගල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව සිට ඇති අතර එම කාලයේ දී අදාළ T56 ගිනිඅවිය අස්ථානගතව තිබුණි. ඒ අනුව ඉළුක්හේන, ගල්පොල ජනපදය ප්‍රදේශයේ පදිංචි අදාළ නාවික හමුදා සෙබළාගේ නිවසේ තිබී එම ගිනි අවිය මෙලෙස සොයාගැනීමට හැකිව ඇති බව පොලීසිය පැවසීය. සැකකාර සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් සිදුකරන විමර්ශනවලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026