Skip to content
V
Online සේවා රැසක් සඳහා ඔක්තෝබර් 01 සිට 18%ක වැට් බද්දක්
featured news - උණුසුම් පුවත්

Online සේවා රැසක් සඳහා ඔක්තෝබර් 01 සිට 18%ක වැට් බද්දක්

By News Room · 7 July 2025

විදේශීයක සිට මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත (VAT) බද්ද අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව, පහත සඳහන් කර ඇති සේවා රැසකට 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) අය කිරීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (SaaS) මාර්ගගත වෙළෙඳසැල් (Online Stores)

* ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය (Online Marketing)

* සයිබර් ආරක්ෂණ සේවා (Cyber security)

* තොරතුරු තාක්ෂණ සහාය සහ කළමණාකරණය කළ සේවා

* වීඩියෝ, සංගීතය හා සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා (Netfilx, Spotify ඇතුළු Subscription සඳහා)

* මාර්ගගත බැංකුකරණය (Online Banking)

* සමාජ මාධ්‍ය වේදිකා (Social media platforms)

* ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms)

* වෙළෙඳපොළ වේදිකා

* සූදූ ක්‍රීඩා වේදිකා

* හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම්

එසේම ගැසට් පත්‍රයේ සඳහන් කර නොමැති වුව ද, විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවාවක් මෙම වැට් බද්දට යටත් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026