Skip to content
V
IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්‍රීඩකයා
featured news - උණුසුම් පුවත්

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්‍රීඩකයා

By News Room · 26 November 2024

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට 13 හැවිරිදි දරුවෙකු සමත්ව තිබේ. ඒ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වෙසෙන වෛභවි සූර්යවංශි නම් ක්‍රීඩකයෙකි.

ඊයේ (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැති IPL වෙන්දේසියේදී මොහු ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගනු ලැබීය.

දිල්ලි කැපිටල් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තියුණු තරගයකින් අනතරුව ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසානයේදී වෛභවි සූර්යවංශි මිලදී ගත්තේය. IPL ක්‍රීඩක වෙන්දේසියකදී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි වෛභවි සූර්යවංශි වාර්තා අතරට එක්වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026