Skip to content
V
ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්
featured news - උණුසුම් පුවත්

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

By News Room · 2 September 2025

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් පනවා තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙන් මෙම දඩය පනවා ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව තරග ගාස්තුවෙන් 5%ක දඩයක් මෙලෙස පනවා තිබෙනවා. නායක චරිත් අසලංක වරද පිළිගෙන ඇති අතර, යෝජිත දඬුවම ද පිළිගෙන ඇති බැවින් චෝදනා විභාගයක් සිදු නොවන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026