Skip to content
V
HIV ආසාදිතයින් ඉහළට
featured news - උණුසුම් පුවත්

HIV ආසාදිතයින් ඉහළට

By News Room · 28 November 2024

ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

එම වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පැවසුවේ, පසුගිය වසර තුළ වාර්තා වූ HIV ආසාදිතයින් අතරින් සියයට 15ක් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ තරුණියන් බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය මෙම අදහස් පළ කළාය.

"පසුගිය වසරේ නව HVI වෛරස ආසාධිත රෝගීන් 694 අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. දත්ත දිහා බලනකොට ඔබට පැහැදිලි HVI වෛරසයේ නව ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙන බව. 

විශේෂයෙන් තරුණ තරුණියන් අතර තිබෙන දත්ත බලනකොටත් නව රෝගීන්ගෙන් 15%ක්ම වයස අවුරුදු 15ත් 24ත් අතර නව යෞවන යෞවනියන්. මේ ගැන අපි වැඩිදුරටත් සොයා බැලීමේ දී ඇත්තටම මේකට හේතුව විදියට අපි දකින්නේ ඡංගම දුරකථන ඇතුළු නොයෙකුත් නවීණ තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහකරුවන් සොයා ගැනීමට යාම. එහෙමත් නැති නම් නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම. යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි කාරණා තරුණ තරුණියන් අතර නව ආසාදිතයින් වැඩිවීමට හේතු වෙනවා."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026