Skip to content
V
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක්
featured news - උණුසුම් පුවත්

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක්

By News Room · 30 April 2025

GSP+ සහනය දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡාව වාසිදායක ලෙස හා ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) එම සාකව්ඡාව පැවැත්වුණා.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවත් යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානියා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවද ඔහු එහිදී සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ප්‍රණාමය පළ කරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026