Skip to content
V
GovPay පහසුකම සහ නව ඩිජිටල් ප්‍රවේශයන් 3ක් හඳුන්වාදීම අද
featured news - උණුසුම් පුවත්

GovPay පහසුකම සහ නව ඩිජිටල් ප්‍රවේශයන් 3ක් හඳුන්වාදීම අද

By News Room · 7 February 2025

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා,

"දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා." 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026