Skip to content
V
FOTON මෙට්‍රො බස් රථ 104 ක් ලංකාවට
featured news - උණුසුම් පුවත්

FOTON මෙට්‍රො බස් රථ 104 ක් ලංකාවට

By News Room · 19 June 2026

FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම පසුගියදා ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේදී සිදු ව තිබෙනවා. එම අවස්ථාව සඳහා Lanka Metro Transit නියෝජිතයින් පිරිසක් සහභාගී වූ බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ.

මෙම බස් රථ මගින් ශ්‍රී ලංකාවේ නවීන, ආරක්ෂිත හා සුවපහසු පොදු ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙය, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන අතර, අනාගතයේදීත් වඩාත් උසස් ප්‍රවාහන අත්දැකීමක් මඟී ජනතාව වෙත ලබාදීම සඳහා සියලු පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026