Skip to content
V
Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්
featured news - උණුසුම් පුවත්

Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක්

By News Room · 15 May 2025

Forbes සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන, විවිධ ක්ෂේත්‍රවල අවුරුදු 30 ට අඩු කැපී පෙනෙන පුද්ගලයින් ඇතුළත් Forbes 30 Under 30 ලැයිස්තුව සඳහා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව The Arts (Art & Style, Food & Drink) අංශයෙන් එම ලැයිස්තුව සඳහා Wild Cookbook හි චරිත් සිල්වා ඇතුළත් වී තිබෙනවා. Wild Cookbook YouTube නාලිකාව පසුගියදා Subscribers මිලියන 10 සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, එම සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු YouTube නාලිකාව වන්නේ ද Wild Cookbook YouTube නාලිකාවයි.

එසේම Social Media, Marketing & Advertising අංශයෙන් නිකින් මාතරආරච්චි තේරීපත්ව ඇති අතර ඔහු ශ්‍රී ලාංකික සමාගමක් වන Synapse AI Labs සමාගමේ නිර්මාතෘවරයා වනවා. AI තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති වි‍ශ්ලේෂණ කටයුතු සඳහා යොදාගන්නා Kommon Poll එම සමාගම සතු නිර්මාණයක් වනවා.

මීට අමතරව Retail & Ecommerce අංශයෙන් Forbes 30 Under 30 Asia ලැයිස්තුවට යානිකා අමරසේකර ද නම් කර ඇති අතර, ඇය විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026