Skip to content
V
E-8 රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි
featured news - උණුසුම් පුවත්

E-8 රැකියා ලබාදෙන බව පවසා රුපියල් මිලියන 03ක් වංචා කළ සැකකරු අල්ලයි

By News Room · 17 March 2025

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 03කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව E-7 සහ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන, ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියදී, විදේශ සේවා කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වෙත ලද බුද්ධි තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුට එරෙහිව ගාල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බැවින්, ඔහු එදිනම සවස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති අතර, එහිදී සැකකරු එළැඹෙන 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026