Skip to content
V
DNA ව්‍යුහය සොයාගත් ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

DNA ව්‍යුහය සොයාගත් ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

By News Room · 8 November 2025

ඩීඑන්ඒ (DNA) ව්‍යුහය සොයාගැනීමට සම දායකත්වය ලබාදුන් නොබෙල් ත්‍යාගලාභී අමෙරිකානු විද්‍යාඥයෙකු වන ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වනවිට ඔහු 97 හැවිරිදි වියේ පසුවූවා.

ඔහු වසර ගණනාවක් සේවය කළ කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් රසායනාගාරය (Cold Spring Harbor Laboratory) විසිනුයි වොට්සන්ගේ අභාවය තහවුරු කර ඇත්තේ.

20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම්වලින් එකක් වන ඩීඑන්ඒහි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය ඔහු 1953 දී බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් ක්‍රික් සමග එක්වයි සොයා ගෙන ඇත්තේ. මෙය අණුක ජීව විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවට මඟ පෑදූවා. වොට්සන්, ක්‍රික් සමග ඩීඑන්ඒ ද්විත්ව හෙලික්සීය ව්‍යුහය සොයාගැනීම වෙනුවෙන් 1962 දී නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා.

එමෙන්ම ඔහුගේ කීර්තියට හානි සිදු වූයේ ජාතිය සහ ලිංගිකත්වය පිළිබඳව ඔහු දැක්වූ මතභේදාත්මක අදහස් හේතුවෙන් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. රූපවාහිනී වැඩසටහනකදී, බුද්ධි පරීක්ෂණ (IQ tests) වල කළු සහ සුදු ජාතිකයින් අතර වෙනස්කම් සඳහා ජාන හේතු වන බවට වූ මතභේදාත්මක මතයක් ඔහු සඳහන් කර තිබෙනවා.

2007 දී, ඔහු පුවත්පතකට පැවසුවේ "සියලුම සමාජ ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ ඔවුන්ගේ බුද්ධිය අපගේ බුද්ධියට සමාන බව මතය, නමුත් සියලුම පරීක්ෂණ පවසන්නේ එසේ නොවන බවයි" යනුවෙන්. එමෙන්ම "අප්‍රිකාවේ අනාගතය ගැන" තමන් "සහජයෙන්ම දුක් වන" බවයි ඔහු පවසා ඇත්තේ.

මෙම අදහස් හේතුවෙන් ඔහුට නිව්යෝර්ක්හි කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් රසායනාගාරයේ කුලපති තනතුර ද අහිමි වූවා.

2019 දී, ඔහු නැවත වරක් ජාතිය සහ බුද්ධිය අතර සම්බන්ධයක් පැවසීමෙන් පසු, රසායනාගාරය විසින් ඔහුගේ ගෞරව නාමයන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026