Skip to content
V
Deepseek යෙදවුම තහනම් කිරීම ගැන චීනයෙන් ප්‍රතිචාර
featured news - උණුසුම් පුවත්

Deepseek යෙදවුම තහනම් කිරීම ගැන චීනයෙන් ප්‍රතිචාර

By News Room · 7 February 2025

අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබේ.

දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් ‍කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව  සහතික කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. චීන රජය කිසිදු අයුරකින් නීති විරෝධීව දත්ත රැස්කිරීම හෝ ගබඩා කිරීම සිදුකර නොමැති බවද මෙහිදී පවසා තිබේ.

ඒ සඳහා අදාළ සමාගම්වලින් හෝ පුද්ගලයන්ගෙන් කිසිදු ඉල්ලීමක් හෝ ‍කර නොමැති බව Guo Jiakun මෙහිදී පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාව මුවාවෙන් ආර්ථික සහ තාක්ෂණික ගැටළු දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් චීනය සෑමවිටම විරුද්ධ වන බව ද ඔහු පැවසීය. එමෙන්ම චීන සමාගම්වල නිත්‍යානුකූල අයිතිවාසිකම් චීනය ස්ථිරව ආරක්ෂා කරනු ඇතැයි ද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසා ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026