Skip to content
V
AI තාක්ෂණය රාජ්‍ය හා පෞද්ගලික බස්රථවලටත්
featured news - උණුසුම් පුවත්

AI තාක්ෂණය රාජ්‍ය හා පෞද්ගලික බස්රථවලටත්

By News Room · 13 August 2025

රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මුල් අදියර යටතේ අදාළ තාක්ෂණික යන්ත්‍ර 40ක් බස්රථවල සවිකිරීමට නියමිත බවය.

"AI තාක්ෂණය භාවිත කරලා රියදුරන්ට විඩාව එනවා නම්, නිදිමතයි නම්, ඒ අයගේ ඇස් පියවෙනවා නම් සහ රියදුරු රැකියාව කරන අතරතුර නොකළ යුතු වෙනත් දේවල් කරනවා නම්, ඒවා පිළිබඳව AIවලින්ම රියදුරු මහත්තරුන්ට සිස්ටම් එකෙන් මතක් කරනවා. ලංකාවේ මේ වගේ සමාගම් අවුරුදු ගානක් පුරා භාවිත කරලා තියෙනවා. නමුත් ලංකාවේ පොදු ප්‍රවාහනයට විශේෂයෙන්ම ලංගම සහ පෞද්ගලික බස්වල මිලියන ගණන් ජනතාව ගෙනියන ඒවට යෙදවිලා නෑ. ඒ නිසා අපි ඒ අය එක්ක කතා කරලාම ඒ අය කැමැත්තෙන් ඉදිරිපත් වුණා ඔවුන් සතු පරිපාලන දැනුම හා තාක්ෂණය හා උපකරණ ලබාදෙන්න. ඒ උපකරණ 40ක් ලබාදෙනවා බස් 40කට ලබාදෙනවා ලංගම සහ පෞද්ගලික දෙකටම"

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026