Skip to content
V
77 වැනි ජාතික නිදහස් දින සැමරුම අවම වියදමකින්
featured news - උණුසුම් පුවත්

77 වැනි ජාතික නිදහස් දින සැමරුම අවම වියදමකින්

By News Room · 30 December 2024

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව පැවැත්විය යුතු බවය.

නමුත් රටේ ආර්ථිකය බිඳ වැටුණු මට්ටමක පවතින බැවින් අදාළ උත්සවය අඩු වියදමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවත් ඔහු මෙහිදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු ශ්‍රවනාගාරයේදී අද (30) පැවැති 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමිනි.  

පෙර වසරේදී නිදහස් දින සැමරුම් දින උත්සවය සඳහා අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 107ක් වියදම් කර ඇති බැවින් මෙවර නිදහස් දින සැමරුම් උත්වසය එම වියදම් හැකිතාක් අවම කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එමෙන්ම නිදහස් දින සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026