Skip to content
V
6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමයකට ලබාගත හැකි පාස්පෝට්
featured news - උණුසුම් පුවත්

6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමයකට ලබාගත හැකි පාස්පෝට්

By News Room · 4 November 2024

පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකි බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.

ඒ අනුව එලැඹෙන 6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමය ක්‍රියාත්මක වන බවද ඇය අද  (04) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

"එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම සිදුකරකොට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන් කරවා ගැනීමට පුළුවන්. 

ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදා ඉඳලා මෙම මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ නිසා නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුම් දෙනවා.

ඒ වගේම මේ වෙනකොට නොවැම්බර් මාසේ අග වෙනකන්ම අපි දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසේ මුල් දිනයක ඉඳන් ඔබට දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. "

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026