Skip to content
V
365,951කට රැකියා නෑ
featured news - උණුසුම් පුවත්

365,951කට රැකියා නෑ

By News Room · 26 November 2025

වර්තමානය තුළ මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (26) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය.

2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහළ ගොස් ඇති බවද එහිදී ඇය අවධාරණය කර සිටියාය.

එමෙන්ම 2024 වසරේ දෙවන කාර්තුවේ 4.7ක්ව පැවති විරැකියා අනුපාතය 2025 වසරේ දී 3.8ක් දක්වා පහළ බැස ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපන සුදුසුකම් අනුව විරැකියාවෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව අපොස සාමාන්‍ය පෙළට පහළ, එක්ලක්ෂ තුන්දහස් තුන්සිය අටක (103,308) ප්‍රමාණයක් සිටින බවත් අපොස සාමාන්‍ය පෙළ සමත් පිරිස අනූඑක් දහස් හාරසිය පහක් (91,405) වන බවත් ය.

අපොස උසස් පෙළ සමත්, එක්ලක්ෂ විසි අටදහස් නවසිය අසූ හතරක් (128,984) මෙසේ විරැකියාවෙන් පෙළෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය උපාධිය සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති 42,254ක ප්‍රමාණයක් විරුකියාවෙන් පෙළෙන බව පැවසුවාය.

දැනටමත් 12,000ට අධික උපාධිදාරීන් පිරිසකට මේ වන රැකියා ලබා දී ඇති බවත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති ආකාරයටම ඉතිරි පිරිසටත් රැකියා ලබාදීමට කටයුතු කරන බවත් එහිදී ඇය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් පැවසුවේ ගුරුපත්වීම් පිළිබඳ නඩු මේ වන විට අවසන් වී ඇති අතර අභියාචනාධිකරණයෙන් නිල වශයෙන් දැනුම් දුන් වහාම බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026