Skip to content
V
2026 ලෝක කුසලාන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය දසුන් ශානකට
featured news - උණුසුම් පුවත්

2026 ලෝක කුසලාන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය දසුන් ශානකට

By News Room · 19 December 2025

2026 වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු  සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.

වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්ය.

ඒ අනුව ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් මෙන්ම මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානය හා එංගලන්ත විස්සයි 20 තරගාවලි ද්විත්වයේද ශ්‍රී ලංකා නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ක්‍රීඩක සංචිතය

  1. දසුන් ශානක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. කුසල් ජනිත් පෙරේරා
  5. ධනංජය ද සිල්වා
  6. නිරෝෂන් දික්වැල්ල
  7. ජනිත් ලියනගේ
  8. චරිත් අසලංක
  9. කමිඳු මෙන්ඩිස්
  10. පවන් රත්නායක
  11. සහන් ආරච්චිගේ
  12. වනිඳු හසරංග
  13. දුනිත් වෙල්ලාලගේ
  14. මිලාන් රත්නායක
  15. නුවන් තුෂාර
  16. එශාන් මාලිංග
  17. දුෂ්මන්ත චමීර
  18. ප්‍රමෝද් මධුශාන්
  19. මතීෂ පතිරණ
  20. ඩිල්ෂාන් මධුසංක
  21. මහීෂ් තීක්ෂණ
  22. දුශාන් හේමන්ත
  23. විජයකාන්ත් වියස්කාන්ත්
  24. ට්‍රැවින් මැතිව්
  25. කමිල් මිශාර

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026