Skip to content
V
2025 වසරේ මේ දක්වා සංචාරකයින් පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
featured news - උණුසුම් පුවත්

2025 වසරේ මේ දක්වා සංචාරකයින් පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

By News Room · 17 April 2025

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි. ඉන් අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළදී සංචාරකයින් 93,915ක පිරිසක් මෙරටට පැමිණ ඇත.

අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අප්‍රේල් 12වනදා වන අතර, එදින 7,585ක පිරිසක් පැමණ ඇත. එමෙන්ම එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම පිරිස 18,220ක් ලෙස සඳහන් විය. ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,425ක්, රුසියාවෙන් 8,705ක් සහ ජර්මනියෙන් 7,746ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

සංචාරකයන් පැමිණීමේ දත්ත වාර්තාව 2018, 2024 හා 2025

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026