Skip to content
V
2025 වර්ෂයේ දී විදේශ රැකියා 340,000 ක්
featured news - උණුසුම් පුවත්

2025 වර්ෂයේ දී විදේශ රැකියා 340,000 ක්

By News Room · 23 January 2025

ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.

නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානයද රැකගෙන කටයුතු කළ යුතු යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය. එසේම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, මුදලට නොව මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදෙමින් ව්‍යාපාරයන්හි නිරතවන ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026