Skip to content
V
2025 මූල්‍ය වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීම හෙට
featured news - උණුසුම් පුවත්

2025 මූල්‍ය වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීම හෙට

By News Room · 16 February 2025

2025 මූල්‍ය වර්ෂය සදහා වන රජයේ අයවැය මෙන්ම නව රජයේ පළමු අයවැය හෙට (17) පෙරවරු 10.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැයට පෙර මේ විමසා බැලීම තවත් ක්ෂේත්‍ර කිහිපයක අයවැය අපේක්ෂා පිළිබඳවයි. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන් ද හෙට ඉදිරිපත් කරන අයවැය යෝජනා පිළිබඳව දැඩි අවධානයකින් පසුවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, කර්මාන්ත ශාලාවලට අවශ්‍ය පිරිවැය අඩු කිරීමක් මූලික වශයෙන්ම හෙට ඉදිරිපත් කරන අයවැය කතාව තුළ සඳහන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මෙවර අයවැයේ දී අධ්‍යපනය සඳහා වෙන් කරන මුදල සියයට 6 දක්වා ඉහළ දැමිය යුතු බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද පවසනවා.

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන හෙට දිනයේ දී ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

අයවැය ලබන 18 වනදා අගහරුවාදා සිටි මාර්තු 21 දක්වා දින 26ක් පැවැත්වෙනවා. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන 18 වනදා සිටි 25 වනදා දක්වාත් කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 27 වනදා සිට මාර්තු 21 වනදා දක්වාත් පැවැත්වෙනු ඇති. තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පස්වරු 6ට පැවැත්වෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026