Skip to content
V
2025 පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වෙයි
featured news - උණුසුම් පුවත්

2025 පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වෙයි

By News Room · 6 May 2025

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණි. පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4ට අවසන් විය.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 17,156,338 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග වැදුණි. ඒ අනුව සභිකයින් 8,287 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් තෝරාගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

සමස්තයක් ලෙස අද දිනයේ ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසීය. සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සිද්ධි කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බවද පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේය. මේ අතර මේ වනවිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026