Skip to content
V
2025 අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි
featured news - උණුසුම් පුවත්

2025 අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි

By News Room · 23 September 2025

2025 වසරේ මුල් මාස අට තුළ පමණක් ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11,554.32 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව, එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61% ක වර්ධනයක් ලෙසයි වාර්තා වෙන්නේ.

2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58 ක් වන අතර, මෙය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ, වෙළදපොළ ප්‍රවේශය පුළුල් කිරිමටත්, ගෝලීය තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මෙයින් පෙන්නුම් කරන බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සඳහන් කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026