Skip to content
V
2024 T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට
featured news - උණුසුම් පුවත්

2024 T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

By News Room · 20 October 2024

T20 කාන්තා ලෝක කුසලානයක මංගල ජය හිමිකර ගැනීමට අද (20) නවසීලන්තය සමත් වුණා. ඒ ලකුණු 32කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්. අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. එහිදී පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 158ක් රැස් කරගත්තා.

Suzie Bates ලකුණු 32ක්ද, Georgia Plimmer ලකුණු 09ක්ද, නායිකා Sophie Devine ලකුණු 06ක්ද, Amelia Kerr ලකුණු43ක්ද, Brooke Halliday ලකුණු 38ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ Nonkululeko Mlaba කඩුළු 02ක්ද, Ayabonga Khaka, Chloe Tryon සහNadine de Klerk එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 159ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 126ක් පමණයි රැස් කර ගත්තේ.

එහිදී නායිකා Laura Wolvaardt ලකුණු 33ක්ද, Tazmin Brits ලකුණු 17ක්ද, Anneke Bosch ලකුණු 09ක්ද, Marizanne Kapp ලකුණු 08ක්ද, Nadine de Klerk ලකුණු 06ක්ද, Chloe Tryon ලකුණු 14ක්ද, Sinalo Jafta ලකුණු 06ක්ද, දකුණු අප්‍රිකාව වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී Amelia Kerr සහ Rosemary Mair කඩුළු 03 බැගින්ද, Fran Jonas, Eden Carson සහ Brooke Halliday කඩුළු එක බැගින්ද දවාගත්තා.

2024 ඔක්තෝබර් මස 03 වැනිදා ආරම්භ වූ 2024 T20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් සහභාගි වූ අතර, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026