Skip to content
V
2024 වසරේ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි
featured news - උණුසුම් පුවත්

2024 වසරේ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි

By News Room · 26 December 2024

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන 2 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් පැවසුවේ තායිලන්තයේ සිට පැමිණි යුවළක් එම ඉලක්කය සැපිරූ බවය. මේ වසරේ ආරම්භයේ සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,966,256ක් වේ.

දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 161,383න් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන්ගෙන්  වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 35,131කි. රුසියාවෙන් සංචාරකයින් 22,637ක්, බ්‍රිතාන්‍යයෙන් 12,822ක්, ජර්මනියෙන් 9,998ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 8,646ක් දෙසැම්බර් මාසය තුළ දිවයිනට පැමිණ තිබේ.

මේ වසරේ ගතවු කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් වන 399,224ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර රුසියාවෙන් සංචාරකයින් 189,289ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන මණ්ඩලය සඳහන් කළේය. බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 172,404ක්ද, ජර්මනියෙන් 131,379ක් ද චීනයෙන් 120,268ද ප්‍රංශයෙන් 86,440ක්ද මේ වසරේ ගතවු කාලය තුළ දිවයිනට පැමිණ තිබේ. මේ අතර වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 21 ආසන්න පිරිසක් දිවයිනට පැමිණෙනු ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026