Skip to content
V
1907 වසරෙන් පසු දකුණු කොරියාවට අධික හිම පතනයක්
featured news - උණුසුම් පුවත්

1907 වසරෙන් පසු දකුණු කොරියාවට අධික හිම පතනයක්

By News Room · 28 November 2024

දකුණු - කොරියාවේ සෝල් අගනුවරට ඇද හැලෙන අධික හිමිපතනය හේතුවෙන් ගුවන් ගමන් වාර 200ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීම් හෝ ප්‍රමාද කිරීම් සිදු කර තිබෙනවා.

1907 වසරෙන් පසුව සෝල් අගනුවරට ඇද හැලුණු දරුණුතම හිමිපතනය මෙය බවයි වාර්තා වන්නේ.

හිම පතනයත් සමග තද සුළං සහ වැසි තත්ත්වයන්ද ඇතිව තිබෙනවා. ඒ අනුව ගස් කඩා වැටීම්, විදුලි විසන්ධි වීම් මෙන්ම මාර්ග අවහිර වීම් වාර්තා වන අතර පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සිදුවිය හැකි බලපෑම් අවම කිරීමට කටයුතු කරන ලෙස දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026