Skip to content
V
151 වන ලෝක තැපැල් දිනය අදයි
featured news - උණුසුම් පුවත්

151 වන ලෝක තැපැල් දිනය අදයි

By News Room · 9 October 2025

151 වන ලෝක තැපැල් දිනය අදට (09) යෙදී තිබේ. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය අද පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී  පැවැත්වීමට නියමිතය.

ලෝක තැපැල් දිනය මෙම වර්ෂයේ දී සමරනු ලබන අතර මෙරට සමරනු ලබන 56 වන ජාතික සැමරුම් උත්සවය යි.

විශ්ව තැපැල් සංගමය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින සමරනු ලබයි.

1874 දී ලොව පුරා රටවල් ගණනාවක් ඔක්තෝම්බතෝර් 09 වෙනි දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස 1969 වර්ෂයේ දී නම් කෙරුණි.

මේ අතර තැපැල් සේවකයින් විසින් අතිකාල දීමනා වංචනික ලෙස ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට විරෝධය පලකරමින් කළුපටි පැළැද අද දිනයේ සේවයට වාර්තා කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද දිනයේ පැමිණිල්ලක් සිදුකිරීමට ද නියමිතය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026