Skip to content
V
146 වැනි “නිල් මහා සටන” හෙට ආරම්භ වෙයි
featured news - උණුසුම් පුවත්

146 වැනි “නිල් මහා සටන” හෙට ආරම්භ වෙයි

By News Room · 5 March 2025

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙ‍න 146 වැනි “නිල් මහා සටන” වාර්ෂික ක්‍රිකට් තරගය හෙට (06) ආරම්භ වනවා.

ඒ අනුව එම ක්‍රිකට් තරගය හෙට (06) සිට ලබන 08 වනදා තෙක් දින තුනක් පුරා කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙවර රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක රමිරු පෙරේරාට හිමිවී ඇති අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු ඩයස්ට හිමිව තිබෙනවා.

විදුහල් දෙක අතර මේ දක්වා පැවැති තරග 145න් තරග 36 ක ජය කොළඹ රාජකීය විද්‍යාලය දිනාගෙන ඇති අතර, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තරග 35 ක ජය හිමි කරගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026