Skip to content
V
ෆේස්බුක් සාදයක් වටලයි
featured news - උණුසුම් පුවත්

ෆේස්බුක් සාදයක් වටලයි

By News Room · 23 March 2025

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15  දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) රාත්‍රී කාලයේ සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇත. මෙහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදින්චිකරුවන් බව පොලීසිය පැවසීය. සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.   

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026