Skip to content
V
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව හෘදයාබාධයක්
featured news - උණුසුම් පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව හෘදයාබාධයක්

By News Room · 22 April 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාත තත්ත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කර තිබේ.

උන්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද (22) රැස්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඒ අනුව අදාළ කාදිනල් හිමිවරුන්ගේ මණ්ඩලය වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

එමෙන්ම වතිකානයේ සිස්ටන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ තුන්වන මහලේ ඇති ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මහල් නිවාසයේ සහ උන්වහන්සේ ජීවත් වූ කැසා සැන්ටා මාර්ටා හි දෙවන මහලේ ඇති මහල් නිවාසය සම්ප්‍රදායානුකූලව මුද්‍රා තබා ඇත.

මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම බ්‍රසීලය ද සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ. මීට අමතරව ඕස්ට්‍රියාවේදී ඊයේ පස්වරුවේ රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණේ විදුලි අලෝකය ඊයේ රාත්‍රියේදී නිවා දමා තිබුණි. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍යයට සහභාගිවීමට නියමිත බව නිවේදනය කර තිබේ.

එය ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළ පළමු ජාත්‍යන්තර සංචාරය වනු ඇත. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස අමෙරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර ඇති බවය. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේවස්ථානවල සහ කිතුනු නිවාස බොහොමයක ශුද්ධෝත්තම පියාණන්ගේ ධජය අඩකුඹු කර තිබෙනු දක්නට ලැබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026