Skip to content
V
ළිඳක් තුළ තිබී පුද්ගල මළ සිරුරක්
featured news - උණුසුම් පුවත්

ළිඳක් තුළ තිබී පුද්ගල මළ සිරුරක්

By News Room · 9 October 2024

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය ආසන්නයේ අතුරු මාර්ගයක් අසල ඇති ළිඳක් තුළ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (08) දහවල් ඒ පිළිබඳව පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය තරුණයා ඊට පෙරදින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇත. ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026