Skip to content
V
හිස් වැසුමක් නිසා ආරම්භ වූ වර්ජනයක්
featured news - උණුසුම් පුවත්

හිස් වැසුමක් නිසා ආරම්භ වූ වර්ජනයක්

By News Room · 18 September 2024

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලක තිබූ හිස් වැසුමක්  කිසියම් අයෙකු සොරාගෙන ගොස් ඇති හෙයින් එහි හිමිකරු වන දුම්රිය ආරක්ෂක නියාමක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (18) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ නිසා අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ගමන් ගැනීමට නියමිතව තිබූ දුම්රිය ධාවනය නොවු බව  අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය කියයි.

ඊයේ (17) රාත්‍රී හතයි පහළොවට පමණ අනුරාධපුර ප්‍රධාන දුම්රිය නියාමක පී.කේ.පී.පිරිස් මහතාගේ  හිස් වැසුම නාදුනනා අයෙකු විසින් සොරාගෙන ගොස් ඇත.

දුම්රිය ස්ථානයේ යතුරුපැදි ගාලේ නිසි ආරක්ෂාව නොමැති බව පවසමින් ඊට විරෝධය පල කිරීම සඳහා මෙම නියාමක මහතා ඇතුළු එම ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් සේවයෙන් ඉවත් වී ඇත.

එසේ සේවයෙන් ඉවත්වීම නිසා ඊයේ උදෑසනඉ08.05 ට පමණ අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ධාවනය වීමට තිබූ දුම්රිය ගමන් කර නැතැයි කියයි.

මෙම හේතුව නිසා යාපනයේ අරවිල් නගර් විශ්ව විද්‍යාලය දක්වා යෑමට සිටි  විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසකට ගමනාගමනයට බාධා එල්ල වී ඇත එපමණක් ද නොව විදෙස් ජාතිකයින් විශාල ප්‍රමාණයක් ඊයේ දින පැමිණ සිටි බව අනුරාධපුර දුම්රිය ස්ථාන අධිකාරි කේ.සි.ආර්. නවරත්න මහතා පැහැදිලි කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026