Skip to content
V
හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් 900 දෙනෙකුගේ ණය ගෙවයි
featured news - උණුසුම් පුවත්

හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් 900 දෙනෙකුගේ ණය ගෙවයි

By News Room · 6 March 2025

හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ. මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු වේල්සයේ ඒ සඳහාම ණය අත්පත් කර ගැනීමේ සමාගමක් ආරම්භ කරමින් එම කටයුතු සිදුකර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එම සමාගම හරහා බැංකු සහ මුල්‍ය සාමාගම් සමඟ සාකච්ඡා කරමින් අදාළ ණය හිමියන්ගේ තොරතුරු සහ ණය මයිකල් ෂීන්ගේ සමාගම වෙත පවරා ගෙන එම ක්‍රියාවලිනය සිදු කරන බව විදෙස් මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙලෙස ආයතනයක් පිහිටුවා ක්‍රමාණුකූලව ණය ගෙවීම් සිදු කරන්නේ තමන්ට නාස්ති කිරීමට මුදල් නොමැති බැවින් බවය.

එමෙන්ම ෂීන් පවසා ඇත්තේ තමා විසින් මෙලෙස ණය ගෙවීම් සිදුකරන පුද්ගලයින් කවුදැයි ඔවුන් කුමන පිරිසක්ද යන්න තමන් කිසිවක් නොදන්නා බවය. වර්ථමානයේ පවතින රැකියා අහිමි වීම් සමඟ බොහෝ පවුල් ආර්ථික අතින් ඉතා අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බවත් ඔවුන් ආතතියෙන් ජීවත් වන බවත් ෂීන් පෙන්වා දෙයි. එම පිරිසට පිළිසරණයක් ලෙස තමන් මෙම ණය අත්පත්කර ගැනීමේ සමාගම පිහිටවූ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026