Skip to content
V
හෙල්මට්වලින් පහර දී සිසුවෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 11ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

හෙල්මට්වලින් පහර දී සිසුවෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 11ක් අත්අඩංගුවට

By News Room · 23 April 2025

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ වෙලගෙදර පොලිස් වසමේ ඇරෑපොළ කන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල පසුවන ඇරෑපොළ කන්ද හා අඹකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

පසුගිය 16 වන දින වෙලගෙදර පොලිස් වසමේ හැවන්පොළ ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් මත පිරිමි ළමයෙකුට තවත් පිරිමි ළමුන් කිහිපදෙනෙකු විසින් අතින් පයින් හා හෙල්මට් එකකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබුණි.

බරපතළ තුවාල ලැබූ සිසුවා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 16 ක් වූ සැකරලියා වත්ත, හැවන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවතගම හා වෙලගෙදර පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026